• Back

    ආජන්ම මන්ද තයිරොයිඩතාවය යනු කුමක් ද ?


    ආජන්ම මන්ද තයිරොයිඩතාවය යනු උපතේ සිට තයිරොක්සීන් හෝමෝනය ප්‍රමාණවත් අයුරින් ස්‍රාවය නොවීම නිසා ඇතිවන රෝගී තත්වයකි. තයිරොයිඩ් ග්‍රන්ථිය ගෙලෙහි ඉදිරිපසට වන්නට පිහිටා ඇත.එහි කාර්යය වනුයේ දේහයේ ක්‍රියාකරිත්වයට අවශ්‍යවන හෝමෝන ස්‍රාවය කිරීම වන අතර එමඟන් නිපදවන ප්‍රධානතම හෝමෝනය හඳුන්වනුයේ ‘තයිරොක්සීන්’නමිනි.එම හෝමෝනය ග්‍රන්ථිය මගීන් රුධ්රයට ස්‍රාවය කරන අතර එමඟින් අපගේ සිරුරේ සෛලවල ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම වන අතර සිරුරේ නියමිත උෂ්ණත්වය පවත්වා ගනී.දරුවන්ගේ හා කුඩා ළමුන්ගේ මොළයේ වර්ධනයට මෙම හෝමෝනය අත්‍යවශ්‍ය වේ.

    තයිරොක්සීන් ඌනතාවය නිසා වැඩිහිටියන්ට විවිධ රෝග ලක්ෂණ මතු වේ. දරුවන්ගේ තයිරොක්සීන් ඌනතාවය නිසා වර්ධනය බාල වන අතර ඔවුන් ක්‍රියාකරිත්වයෙන් අඩුවෙති. ඒවාගේම ඔවුන්ගේ බුද්ධි වර්ධනය පසුගාමී වන අතර තවත් නොයෙකුත් රෝගී ලක්ෂණ ඇති කරයි.

 
© Faculty of Medicine,University of Ruhuna | All Rights Reserved
CSS Layout by RamblingSoul.com | XHTML | CSS